දේශීයවිශේෂාංග

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය සංගීත ශිල්පී ජයන්ත රත්නාකයක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණි.

මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවුණි.

ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු ජයන්ත රත්නායක මහතා දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය.

ඔහු දක්ෂ සංගීත සංයෝජකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ දක්ෂ ගායන ශිල්පියෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කලාකරුවෙකි.

පිළිකා රෝගයකින් පෙළීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහල වෙත ඇතුළත්කර සිටි ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූණි.

දියණියකගේ සහ පුතෙකුගේ පියා වන ජයන්ත රත්නායක සිහශක්ති වාද්‍ය වෘන්දයේ ඕගන් වාදන ශිල්පියා ලෙස ද කටයුතු කළහ.

දේහය අද පස්වරු දෙකෙන් (2020-04-06) පසු තලංගම – කොස්වත්ත පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන යන අතර, අවසන් කටයුතු හෙට (2020-04-08) පස්වරුවේ තලාහේන – පොදුසුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.