උණුසුම් පුවත්ගොසිප්දේශීය

ඔස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානා

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 04ක් සංවිධානය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් මෙම විශේෂ ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව, හෙට සිට ලබන 08 වැනිදා දක්වා එම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලන්ඩනයේ සිට ගුවන් ගමන් තුනක් සහ මෙල්බර්න් සිට එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මැයි 03, 04 සහ 05 යන දිනවලදී ලන්ඩන් සිට කොළඹ බලා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වේ.

මැයි 08 වැනිදා මෙල්බර්න් සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති