ගොසිප්දේශීය

මන්නාරම, තාරාපුරම් ගම්මානය හුදෙකලා කිරීම අවසන්

තාරාපුරම්

හුදෙකලා කෙරුණු මන්නාරම, තාරාපුරම් ප්‍රදේශය නිදහස් කර තිබේ.

කොරෝනා ආසාදිතයෙකු මන්නාරම තාරාපුරම් ගම්මානයේ මළ ගෙදරක් වෙනුවෙන් පැමිණීමත් සමඟ ඇති වු සැක සහිත තත්වයක් මත තාවකාලිකව පසුගිය 08 වැනිදා සිට වසා දමා තිබු ගම්මානය අද(15) සිට නැවත සාමාන්‍ය කටයුතු වෙනුවෙන් විවෘත කොට ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ගම්මානය සාමාන්‍ය කටයුතු වෙනුවෙන් විවෘත කරනු ලැබුවද පොලිසිය හා යුධ හමුදාවේ නිරීක්ෂණය යටතේ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් කොරෝනා රෝගී පුද්ගලයෙකු මන්නාරම තාරාපුරම් ගම්මානය වෙත පැමිණී බවට ලද තොරතුරක් මත ගම්මානය තාවකාලිකව වසා දමා තිබිණ.

පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා මාර්තු 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ මළ ගෙදරකට පැමිණ තිබු බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අවධානම් තත්වය මත ගම්මානය වසා දැමිණ.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මහනුවර, අකුරණ, බේරුවල, චීන කොරටුව සහ පන්නිල යන ගම්මාන තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බවයි.

ජා-ඇල සහ සුදුවැල්ල ප්‍රදේශය ද ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණය යටතේ පවතී.

Comment here