ගොසිප්දේශීය

ප්‍රවීන රංගන ශිල්පිණි මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

මියුරි සමරසිංහ

මෙරට ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 81ක් හැවිරිදි වියේ පසුවූවා.

දිග කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි එතුමිය වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මියුරි සමරසිංහ වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රෙය්ද විශිෂ්ට දස්කම් පෑ රංගන ශිල්පිනියකි.

මඩොල් දූව, විරාගය, යස ඉසුරු, යුගාන්තය, ආදර හසුන, යුවතිපති, බව දුක සහ මාරුතය යන නිර්මාණ වල අයගේ රංගනය මහත් ජනාදරයට පත්විය.