ගොසිප්දේශීය

සිංහල දෙමළ අලුත් අවුරුද්ද

සිංහල දෙමළ අලුත් අවුරුද්ද

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට අදාළ පුණ්‍ය කාලය අද (13) අපරභාග 1.59 ට ආරම්භ වෙයි.

පුණ්‍ය කාලය අවසන් වන්නේ අලුයම 2.47ටයි.

අද අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.

මෙවර අවුරුදු නැකත් චාරිත්රවලට අනුව අද අපරභාග 8.23ට අලුත් අවුරුද්ද උදා වෙයි.

ආහාර පිසීම නැකත යෙදී ඇත්තේ අද අපරාභාග 10.05ටයි.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සදහන්.

අද අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතුවෙයි.

කෙසේවෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යංශය ඉල්ලීමක් කර ඇත.

Comment here