මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 34,736 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (16) වාර්තා වූ නව ආසාදිතයින් 616 දෙනාගෙන් 266 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකු ඊයේ හඳුනාගෙන ආසාදිතයින් අතරට අයත්ය.
හඳුනාගත් නව ආසාදිතයින් අතරින් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 25,651 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් 8,925 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද වනවිට මෙරට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.