උණුසුම් පුවත්දේශීය

අද රාත්‍රී 8 සිට ලබන 11 වැනි දා අලුයම 5.00 තෙක් දිවයිනටම පොලිස් ඇඳිරී නීතිය

ඇඳිරි නීතිය

අද (06) රාත්‍රි 8.00 සිට මැයි මස 11 වන සදුදා අළුයම 5 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නිතිය පැනවේ.

කොළඹ ,ගම්පහ , කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇදිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත් කිරිම මැයි මස 11 වන සදුදා ආරම්භ කිරිමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්ක වල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන 11 වන සදුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බවයි ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජකාරි සදහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වේ.

Comment here