අද (18) සිට ක්රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.
දිවයින කලාප 4කට බෙදා ඒ අනුව අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කරන බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්රී 8 දක්වාත්, රාත්රී 8 සිට 9 දක්වා සහ රාත්රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.