උණුසුම් පුවත්දේශීය

අද (01) දිනය තුළ නව ආසාදිතයින් 193ක්

නව ආසාදිතයින් 193ක් අද (01) දිනය තුළ වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වේ.

සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිත සමස්ථ ආසාදිතයින් ගණන 7,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.