උණුසුම් පුවත්දේශීය

අද (13) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 378ක් පුර්ණ සුවයි

corona recover

අද (13) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 24 ක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනයේ දී ආසාදිතයින් 373 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන, 15,723ක් විය.

ඊයේ දිනයේ දීත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වු අතර ඒ අනුව මෙරට සමස්ථ මරණ ගණන ද 48ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයෝ 4,644ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.