උණුසුම් පුවත්දේශීය

අද (24) තවත් කොරෝනා ආසාදිතයින් 10ක් – සමස්තය 2763ක්

Covid-19

අද (24) සවස 3 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිරෝධායනයට ලක්වෙමින් සිටින, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙක් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද වන විට ආසාදිතයින් 658 දෙනෙක් රෝහල් ගත ව ප්‍රතිකාර ලබයි.

Comment here