උණුසුම් පුවත්දේශීය

ආසාදිතයින් 13කට සුවයි – සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3142ක්

අද (24) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3,142ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (23) දිනයේ වාර්තා වූ නව රෝගීන් 11 දෙනාත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,324ක් දක්වා ඉහළ ගියේ ය.

එම රෝගීන් 11 දෙනාගෙන් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් අතර දෙදෙනෙකු අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ රුසියානු ජාතික ගුවන් කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ද ඊයේ හඳුනාගැණුනු කොවිඩ් නයින්ටීන් රෝගීන් අතර සිටින බව සඳහන් වේ.

ඒ අනුව රෝගීන් 169 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කළේ ය.

Comment here