උණුසුම් පුවත්දේශීය

ආසාදිතයින් 506කට සුවයි – මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස

corona recover

අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල, මිනුවන්ගොඩ, මුල්ලේරියාව, හම්බන්තොට, කඹුරුගමුව, හෝමාගම, අඹන්පොල, ලුනාව, ඉංගිරිය, කොස්ගම සහ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල්වල ප්‍රතිකාර ලැබූ රෝගීන් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.