උණුසුම් පුවත්දේශීය

ආසාදිතයින් 595කට සුවයි – සුවය ලැබු සමස්ථ ගණන 8880ක්

corona recover

අද (09) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,880ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (08) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 510ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 14,929ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර දිවයින් පුරා රෝහල් කිහිපයක ආසාදිතයින් 5,014 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.