උණුසුම් පුවත්දේශීය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස කොවිඩ් එන්නත්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.

එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත්, කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධවන ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට යෝජිතය.

එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබා දෙනු ඇත.