උණුසුම් පුවත්දේශීය

ඊයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 364 ක් – සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක්

මරණ

මාසයකට පමණ කාලයකට පසුව මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ඊයේ (21) දිනයේ පහළ අගයක් ගෙන තිබේ.

ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 364 ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය මාසයක පමණ කාලය තුළම මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 500යේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 364 දෙනා ද සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 37,631ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,773 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

තවද කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ.