උණුසුම් පුවත්

ඊයේ (01) මෙරටින් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 557ක්

ඊයේ (01) මෙරටින් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 557කි. ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඒ ආසාදිතයින් 192ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් යළිත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින් පවතී.

ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 127 දෙනා අතරින් බහුතරය හඳුනාගෙන ඇත්තේ, දිවුලපිටිය, කොටදෙණියාව, පූගොඩ, කඩවත, ගම්පහ නගරය, තිහාරිය හා කැලණිය ප්‍රදේශවලිනි.

දිවුලපිටියෙන් පමණක් ඊයේ දිනයේ දී ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 175ක් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් මට්ටක්කුලිය, නාරාහේන්පිට, දෙමටගොඩ හා අවිස්සාවේල්ලෙන් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 43,856ක් වන අතර, සුවය ලැබු සමස්තය 36,155 කි.