උණුසුම් පුවත්

ඊයේ (02) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 515ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

ඊයේ (02) දිනය තුළ කොවිඩ් - 19 ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

කොවිඩ් -19 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය පත්වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 144කි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් 96ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 47ක් ලෙස වාර්තා වී තිබේ.

එම ආසාදිතයින්ගෙන් 419 දෙනෙකු මීටපෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර කොවිඩ් පොකුරෙන්ද ඊයේ දිනයේ ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ද ඊයේ දින හඳුනාගත් කොවිඩ් - 19 ආසාදිතයින් අතරට අයත්ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 44,371 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 36,717 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 7,443 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිට මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.