ඊයේ (06) කොවිඩ් -19 නව ආසාදිතයින් 522ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන අතර එම සංඛ්‍යාව 206කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 97ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 81ක් වාර්තා වී ඇත.
ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 46,248ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 39,023 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 7,006 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.