ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ ආසාදිතයින් 357ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් මට්ටක්කුලියෙන් වාර්තා වී තිබේ. ඒ 128කි. මේ අතර බොරැල්ලෙන් 110ක් හා කොල්ලුපිටියෙන් ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.
එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් වන අතර එයින් පුද්ගලයින් 21,799ක් පූර්ණ සුවය ලබා තිබේ.
මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 8,131ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 14,336ක් සිදුකර තිබේ.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 144ක් දක්වා ඉහළ ගොස් තිබේ.