ඊයේ (10) දිනයේදී මෙරටින් හඳුනාගැනුණු ආසාදිතයින් ගණන 543කි. ඉන් වැඩි පිරිසක් කොළඹින් වන අතර එය 217කි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 85ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 40ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 26ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 13ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 10ක් ලෙස ආසාදිතයින් ඊයේ දිනයේදී වාර්තා වී තිබුණි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම ගණන 69ක් වෙයි.
මට්ටක්කුළිය ප්‍රදේශයෙන් 22ක්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 21ක් සහ නාරාහේන්පිට ප්‍රදේශයෙන් 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වන බව දැක්වේ.
මේ අතර අද උදෑසන හුදකලා තත්ත්වය ඉවත්කෙරුණු දෙමටගොඩ ප්‍රදේශයෙන් ඊයේ දිනයේ ද ආසාදිතයින් 18 දෙනෙකු සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ද හඳුනාගෙන තිබේ.
මේ අතර ජනතාවගේ හැසිරීම මත ප්‍රදේශ හුදකලා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.