උණුසුම් පුවත්දේශීය

ඊයේ (10) දින කොවිඩ් තොරතුරු

Covid-19

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (10) දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගය. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර, එක් පුද්ගලයෙක් විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක් වේ.

මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,206ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ද කොවිඩ් නයින්ටීන් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146කි.