උණුසුම් පුවත්

ඊයේ (14) දිනයේ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 670ක්

ඊයේ (14) දිනයේ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 670ක් අලුතින් හඳුනාගෙන තිබේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී ඇති අතර එම සංඛ්‍යාව 214කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් ලෙස වාර්ථා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 250 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,901ක් වන අතර ඉන් පුද්ගලයින් 43,746 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,904 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට තුළ සිදුවී ඇති කොවිඩ් - 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 251 ක් දක්වා ඉහළගොස් තිබේ.