උණුසුම් පුවත්දේශීය

ඊයේ (15) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 695ක්

Covid-19

ඊයේ (15) දිනය තුළ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 695ක් අලුතින් හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් අතරින් 08 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය.

තවත් පුද්ගලයින් 04 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් ලෙස වාර්ථා වේ.

ඉතිරි පුද්ගලයින් 683 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වී තිබේ.

වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, එම ගණන 168කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබේ.

සෙසු ආසාදිතයින් 278 දෙනා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51,596කි.

ඉන් පුද්ගලයින් 44,258ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,083 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට වාර්තා වී ඇති කොවිඩ් - 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ ගොස් ඇත.