උණුසුම් පුවත්දේශීය

ඊයේ (16) දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹින් – සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක්

අද (17) උදෑසන වන විට මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (16) දිනයේ දී වාර්තා වු නව ආසාදිතයින් 382ක් සමගින් ය.

කෙසේවෙතත් ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර, පොලීසියෙන් නව ආසාදිතයින් 8ක්, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 5ක්, බෝගම්බර බන්ධනාගාරයෙන් 51ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙක් ද ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 4 වන දින සිට අද දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා ඉහළ ගොස් තිබේ.