උණුසුම් පුවත්දේශීය

ඊයේ (16) දිනයේ කොවිඩ් – 19 ආසාදිතයින් 719ක්

ඊයේ (16) දිනයේ කොවිඩ් - 19 ආසාදිතයින් 719ක් අලුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් 04 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය.

ඉතිරි පුද්ගලයින් 715 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම ගණන 182කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක් වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 306 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත සංඛ්‍යාව 52,312 කි.

ඉන් පුද්ගලයින් 44,745 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,311 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට තුළින් වාර්තා වී ඇති කොවිඩ් - 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගොස් තිබේ.