උණුසුම් පුවත්දේශීය

ඊයේ (17) කොවිඩ් මරණ 5ක්

මරණ

ඊයේ (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.

01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීමෙන් පසු පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ ඉන් පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.

02. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.

03. කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගය කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.

04. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ නියුමෝනියාව වැළඳීමයි.

05.දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.