උණුසුම් පුවත්දේශීය

ඊයේ (17) දින වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් විස්තර

Covid-19

ඊයේ (17) දින ද ආසාදිතයින් 201ක් ලෙස වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

දෙවෙනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 82කි.

ඊයේ දිනට හඳුනාගැණුනු සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 401ක් වන අතර ඉන් දේශීයව පුද්ගලයින් 398 දෙනෙකු සහ විදේශිය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් 03 දෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබුණි.

මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවෙන සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 14,564ක් වේ.

ඉන් පුද්ගලයින් 8,785 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දින වනවිට මෙරට තුළ කොවිඩ් වෛරස ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 18,074ක් වූ අතර ඉන් පුද්ගලයින් 12,209ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝහල් තුළ සහ රෝගීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,799 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ දින අලුතින් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක පහතින් දැක්වේ,

කොළඹ - 201
ගම්පහ - 82
කළුතර - 32
ගාල්ල - 09
මහනුවර - 04
කුරුණෑගල - 03
නුවරඑළිය - 02
පුත්තලම - 01

ඊට අමතරව පොලීසියේ 27 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගැණුනි. බන්ධනගාර මූලස්ථානයේ එක් අයෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 15ක්, වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් 05ක්, නව මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 05ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

මේ අතර ප්‍රදේශය හඳුනා නොගත් ආසාදිතයින් 04 දෙනෙකු ද ඊයේ දින කොවිඩ් ආසාදිත සංඛ්‍යාවට එකතු වී තිබුණි.

Comment here