උණුසුම් පුවත්දේශීය

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662ක් – තවත් කොවිඩ් මරණ 5ක්

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ආසාදිතයින් 259 දෙනා අතරින් වැඩිම පිරිසක් ලෙස බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්, දෙමටගොඩින් 33ක්, අලුත්කඩේ 25ක්, බොරැල්ලේ 22ක්, මට්ටක්කුලියෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක් හා මරදානේ 14ක් හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 164ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් හා සෙසු ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

තවද මහනුවරින් 46ක්, මාතරින් 26ක්, ගාල්ලෙන් 18ක්, කුරුණෑගලින් හා රත්නපුරයෙන් 16ක්, යාපනයෙන් 6ක්, මඩකලපුවෙන් 5ක්, හම්බන්තොට හා මොනරාගලින් 3ක්, ත්‍රිකුණාමලයෙන්, පුත්තලමෙන්, මාතලෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද වාර්තා වී තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,049ක් වන අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 8,823කි.

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.