උණුසුම් පුවත්දේශීය

ඊයේ (19) දිනයේ දී ආසාදිතයින් ගණන 669 ක්

Covid-19

ඊයේ (19) දිනයේ දී මෙරටින් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 669 ක් වන අතර, ඉන් ආසාදිතයින් 9 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයින් 660ක් වාර්තා වී තිබේ. දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 130ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104ක් වාර්තා වු බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60ක් වාර්තා වී ඇත.

නුවර 48ක්, ගාල්ල 50ක්, මඩකළපුව 38ක්, රත්නපුර 31ක්, කෑගල්ල 29ක්, මන්නාරම 27ක්, වවුනියාව 26ක්, හම්බන්තොට 22ක්, කළුතර 20ක්, මාතලේ 21ක්, මාතර 19ක්, අම්පාර 16ක්, නුවරඑළියෙන් සහ යාපනයෙන් 5ක්, පුත්තලම 4ක් හා අනුරාධපුරය 3ක් ආසාදිතයින් වාර්තා වී තිබේ.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 50,539ක් වන අතර, සුවය ලැබු සමස්තය 46,593ක් පුර්ණ සුවය ලබා ඇත.