ඊයේ (22) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 428ක් හඳුනාගැණුන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් පළමුවරට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව ආසාදිතයින් 193ක් කළුතරින්, කොළඹින් 101ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් හා ආසාදිතයින් 91 දෙනෙක් සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
විදෙස් ගතව මෙරටට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙක් ද ආසාදිත බවට වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, ඒ 42ක් ලෙසය.
මීට අමතරව අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක්, වැල්ලම්පිටියෙන් 8ක් හා පාදුක්කෙන් ආසාදිතයින් 6ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙක් පමණක් ඊයේ දිනයේ දී වාර්තා වී ඇති අතර ඔවුන් ගනේමුල්ල, කඩවත හා පමුණුගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 38,058ක් වන අතර, ඉන් 29,299ක් පුර්ණ සුවය ලබා තිබේ.