නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
එළෙස හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. එම සංඛ්‍යාව 300කි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් වශයෙන් ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339කි.
කොවිඩ් - 19 ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොවිඩ් - 19 වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව ද 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.