උණුසුම් පුවත්දේශීය

ඊයේ (26) දිනයේ කොවිඩ් – 19 වෛරසය ආසාදිත 598ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

කොවිඩ් - 19 වෛරසය ආසාදිත 598 දෙනෙකු ඊයේ (26) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් 593 දෙනා දේශීයව හඳුනාගත් අතර පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ය.

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 235කි.

මේ වනවිට හුදකලා කරඇති අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙකු හමුවී ඇති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 40,380 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 32,051 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 8,142ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 187කි.