උණුසුම් පුවත්දේශීය

ඊයේ (26) දින කොවිඩ් මරණ 3ක්

මරණ

ඊයේ (26) දින කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.

මියගිය තිදෙනා: කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.