උණුසුම් පුවත්දේශීය

ඊයේ (27) දිනයේ රෝගීන් 23ක් – සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2805ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

ඒ ඊයේ (27) දිනයේ වාර්තා වූ නව රෝගීන් 23 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් 23 දෙනාගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කටාර්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද, කොවිඩ්-19 රෝගීන් ලෙස ඊයේ දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට රෝගීන් 673 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ්-19 රෝගීන් 2121 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

තවද කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගම්මානවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගත් බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසීය.

ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.

Comment here