උණුසුම් පුවත්දේශීය

ඊයේ (27) දින කොවිඩ් -19 ආසාදිතයින් 473 ක්

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ

ඊයේ (27) දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 473 දෙනෙකු අලුතින් හඳුනාගැණුනි.

ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 138කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් මරණ 08ක් ද වාර්තා වූ අතර එම සියලු මරණ වාර්තා වී තිබුණේ කොළඹ නගරසීමාව තුළදී වීම විශේෂත්වයකි. කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදිත, මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,500ක් ලෙස වාර්තා විය. ඉන් රෝගීන් 16,225ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රෝගීන් 6,168ක් ප්‍රතිකාර ලබමින් සිටි.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,286කි.