උණුසුම් පුවත්දේශීය

ඊයේ (30) දිනයේ කොවිඩ් ආසාදිතයින් 639ක්

ඊයේ (30) දිනයේ දී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 639 දෙනා අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදියින් 190ක් ලෙසය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි දෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 133කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ දී ආසාදිතයින් 89ක් වාර්තා වී ඇත.

මේ අතර, කළුතර‍ 50ක්, අම්පරෙන් 42ක්, රත්නපුරයෙන් 27ක්, යාපනයෙන් 21ක්, කෑගල්ලෙන් 19ක්, කුරුණෑගල 18ක්, ගාල්ලෙන් 10ක්, මාතර 9ක්, මාතලේ 5ක්, ත්‍රිකුණාමලයෙන් 4ක්, හම්බන්තොට 3ක්, මොනරාගල, බදුල්ල හා පුත්තලමෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් සහ මුලතිව් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් පුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ ආසාදිතයින් 47ක් ලෙසය.

මීට අමරතව කහටවිට, බියගම හා නිට්ටඹුව යන ප්‍රදේශවලින් ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස ආසාදිතයින් 83 දෙනෙක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් වාර්තා වී තිබේ. 

ඊට අමතරව මට්ටක්කුලියෙන් 11ක් හා කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත. 

මේ අතර, කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.

ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින්  හා හිම්කරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එයින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 50ක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය පැතිරීම යෑම වැළක්වීම සඳහා අද සිට හුදකලාභාවයට පත්කර තිබේ.