ඊයේ (31) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 597ක් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 256ක් ලෙසය.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊට අමරතව මඩකලපුවෙන් ආසාදිතයින් 63ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන්62ක් වාර්තා වී ඇති බවය.
ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් තිදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් දෙදෙනෙක් විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් අතරට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 47 දෙනෙකු සිටී.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 50ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 34ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 33ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 20ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 13ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 43,299 ක් වන අතර ඉන් 35,229 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 7,766 දෙනෙකි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204 ක් දක්වා ඉහළ ගොස් තිබේ.