උණුසුම් පුවත්විදේශීය

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතේ ප්‍රතිඵල නිකුත් වේ

Oxford Covid vaccine

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) වාර්තා විණි. එම ප්‍රතිඵල නිකුත් වුයේ මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුවය.

එය ජයග්‍රහණයක් සේම බලාපොරොත්තු සුන්වීමක් ලෙසද අර්ථ දැක්විය හැකිය. ඒ, ෆයිසර් සහ මොඩර්නා යන අමෙරිකානු සමාගම් නිපදවා ඇති එන්නත් 95%ක් සාර්ථක බව හඳුනාගැනීම හේතුවෙනි.

නමුත් අනෙක් එන්නත් හා සාපේක්ෂව ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩුය. එසේම පහසුවෙන් ගබඩා කළ හැකිය. එසේම ලොව ඕනෑම තැනකට පහසුවෙන් මෙම එන්නත් තොග ප්‍රවාහනය කළ හැකිවීම ද විශේෂත්වයක් ලෙස සැලකේ.

නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින් ට මාස 10ක කාලයක් ගතවී තිබේ. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය ට වසර 10ක් පමණ ගතවේ.

එංගලන්තය මේවනවිට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර තිබේ. එය මිලියන 50ක පිරිසක් සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමට යොදාගත හැකිය.