හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.