උණුසුම් පුවත්දේශීය

කඩා වැටුණු ගුවන් යානය

Air Force Plane Crashed

අද (15) දහවල් අනතුරට පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානය පස්වරු 1.45 ට පමණ රේඩාර් පද්ධතිය සමග පැවති සබදතාවලින් ගිලිහී ගොස් තිබුණි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් එසේ අනතුරට ලක්වූ බවය.

පොලිසිය පැවසුවේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී තිබූ බවය.

අනතුරෙන් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වී තිබේ.

යානය තුළ සිරවී සිටි ඔහුව පොලිස් හා ගුවන් හමුදා සාමාජිකයින් එක්ව යානයෙන් ඉවතට ගැනීමට කටයුතු කළහ.

ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට එම ගුවන් යානය ගුවන් ගතවී ඇති බව වාර්තා විය.