උණුසුම් පුවත්දේශීය

කොරෝනාවෙන් සුවය ලැබු සමස්තය 1562 ක් – PCR පරීක්ෂණ ලක්ෂය ඉක්මවයි

අද (24) උදෑසන 10.00 වන විට කොවිඩ් 19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් රෝගීන් 418 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් නයින්ටීන් රෝගීන් හඳුනා ගැනීම සඳහා මෙරට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒමෙන්ම අප්‍රේල් මස 30 වන දිනෙන් පසු මෙතෙක් සාමාජයෙන් කිසිදු කොවිඩ් 19 රෝගියෙකු වාර්තා නොවුණු අතර මෙරට තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගත්  නාවික හමුදා නියදියෙන් ද ගත වු දින 5 තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා නොවීම  විශේෂත්වයක්.

නාවික සාමාජිකයින් 901 දෙනෙකු ආසාදිතයන් ලෙස වර්තා වුණු අතර ඒ අතරින් මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්තාන තුළින් පිටව ගොස් ඇති ගණන 790

ඒ අනුව රෝහල්ගතව තවමත් ප්‍රතිකාර ලබන්නේ නාවික සෙබළුන් 111 දෙනෙකු පමණයි.