කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
මෙම සති අන්තයේ හැකි තරම් සංචරණය සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර, බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද සිට රැපිඞ් ඇන්ටිජන් කොවිඞ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ - නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල - කොළඹ පාරේ සාලාව - කොස්ගම සහ කොළඹ - හලාවත පාරේ කටුනායකදී සිදුකිරීමට නියමිතයි.
සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම පරීක්ෂාවන් සඳහා ජංගම ඒකක යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යාගාර සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න ප්‍රකාශ කළා.