උණුසුම් පුවත්දේශීය

කොවිඩ් ආසාදිතයින් 111ක්

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 111ක් හඳුනාගත් බවත් එම සියලුම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 275කි.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 7,857කි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද උදෑසන ආසාදිතයින් 344ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5249ක් විය.