උණුසුම් පුවත්දේශීය

කොවිඩ් ආසාදිතයින් 49ක් – මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් 1899ක්

Covid-19

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 49ක් අලුතින් හඳුනාගෙන තිබෙන අතර මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1899ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් අතරින් 14 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන අතර 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ය.

ඒ අනුව අද (16) දිනට හඳුනාගෙන ඇති කොවිඩ් -19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව 110ක් වී ඇත.

Comment here