රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 570 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 22,831 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් වැඩිම පිරිසක් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 126 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මීට අමතරව කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 47 දෙනෙකු, කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 45 දෙනෙකු, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 38 දෙනෙකු සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් 33 දෙනෙකු ලෙස රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබේ.
ආසාදිතයින් 7,636 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.