උණුසුම් පුවත්දේශීය

කොවිඩ් නයින්ටීන් රෝගීන් 25,410 ක් මෙරටින් හඳුනාගෙන ඇත

මෙරට කොවිඩ් නයින්ටීන් රෝගීන් 25,410 ක් වාර්තා වී ඇත.

ඊයේ (02) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 878ක් වාර්තා වු අතර, එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගැනුණි.

කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආසාදිතයින් අටුලුගමින් වාර්තා වී ඇත.

මේ අතර, මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක්, පුත්තලමෙන් 29 ආදි ලෙස වාර්තා වී තිබේ.

එයින් රෝගීන් 6,982 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 18,304 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.