උණුසුම් පුවත්දේශීය

කොවිඩ් මරණ 149ක් දක්වා ඉහළ ට

මරණ

ඊයේ (12) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 149කි.

මියගොස් ඇති එක් පුද්ගලයෙක් 55 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 66 හැවිරිදි කඩවත, ඉඹුල්ගොඩ පදිංචි අයෙකි.

01. කොළඹ 15 පදිංචිව සිටි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර මුලික රෝහලටත් ඉන් පසුව මුල්ලේරියාව මුලික රෝහලටත් මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (11) මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවය.

02. කඩවත, ඉඹූල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී පසුගිය 10වනදා මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ උග්‍ර දියවැඩියා තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාව බව සඳහන් වේ.