උණුසුම් පුවත්දේශීය

කොවිඩ් වෛරසය පැවතිය හැකි තැන් ගැන තවත් හෙළිදරව්වක්

Dr Sudath Samaraweera

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, "විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව දන්නවා. ඒ වගේම තමයි පුද්ගලයන් විසින් පිටකරන මෙම දේ යම්කිසි විදිහකින් ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළින් ඒ තැන්වල වෛරසය හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ වෛරසය හැසිරීම පිළිබඳව තවමත් තියෙන්නේ අධ්‍යයන මට්ටමේ. ඉතින් අද මේ කියන කාරණා හෙට සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අලුත් සාධකත් එක්ක," යනුවෙනි.

මේ අතර, කොවිඩ් 19 වෛරසය මර්දනය කාර්ය සාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුව ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණි.

පවතින තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කුලී නිවාස, පාසල් සහ ආයෝජන ප්‍රවර්ධන කලාප සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදුකරනවාද, යන්න සෞඛ්‍ය නිලධාරියෙකු මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී තිබේ.

Comment here