උණුසුම් පුවත්දේශීය

කොවිඩ් හෙළ ඔසුව ආහාරමය අතිරේකයක් ලෙස ලබාදීමට අනුමැතිය

Indigenous Medicine Production

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශිය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ ඊයේ (09) දින එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තේය.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඉකුත් (08) දින එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දිමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ල පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක ඊයේ ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදීමට දේහීය වෛද්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුව අනුමැතිය හිමි වූ බව විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබේ.

මේ අතර ඊයේ (09) දින ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ආයුරුවේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළේය.